කඩේට ගිය විට:
"..මුදලාලි මම අහවලා.. අර වාමනයා මෘදුකාංගය හැදුවේ...දන්නවද? ... මට සීනි කිලෝ එකක් දෙන්න...."
කෝල් එකක් ගැනීමේදී:
"..හෙලෝ... මම අහවලා.. අර වාමනයා මෘදුකාංගය හැදුවේ..දන්නව නේද?...මට අහවලාට කතා කරන්න පුලුවන්ද?.."
බස් රථයේදී:
"..ඔය දැං නැගපු කට්ටිය සල්ලි ගන්න...."
"..ආ..මම අහවලා.. අර වාමනයා මෘදුකාංගය හැදුවේ..දන්නව නේද?...මොරටුව එකයි...."
කමෙන්ට් දැමීමේදී:
"අයියලා දන්නවා ඇතිනේ මම කවුද කියලා... අර වාමනයා මෘදුකාංගය හදපු මල්ලි....මට මේ පෝස්ට් එක ගැන කියන්න තියෙන්නේ................"
මෙය "මඩ" නොවේ. වරදක් පෙන්වා දීමකි. ඒ වරද නැවත නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. හේ තවත් වරදක් කලේය. එනම් ගූග්ල් සමූහයක ගිය සංවාද ඒවායේ රචකයන්ගේ අවසරයකින් තොරව තම පෝස්ට් එකේ කමෙන්ට් ලෙස ඔහු විසින්ම දමා ගැනීමයි. එය පෙන්වා දුන් පසු එම සියලු කමෙන්ට් ඉවත් කර තිබුනි. එහෙත් ඒවා නොකල යුතු වැඩය. කමෙන්ටයක් අදාල හා අයත් වන්නේ එය පලකල පෝස්ටයට පමණක් බව ඉගෙන ගැනීම හා වෙනත් තැනක කමෙන්ට් තම පෝස්ටයකට දමා ගැනීම වැරදි බව ඉගෙන ගැනීම තමාවම මාර්කට් කර ගැනීමට වඩා වැදගත්ය.
Saturday, May 16, 2009
Friday, March 27, 2009
පිස්සු පූසා ගේ මුල්ම සටහන
ආයුබෝවන් ! මම පිස්සු පූසා. මමත් බ්ලොග් එකක් ලියන්නයි ලෑස්තිය. මේක ලියන්නෙ සාජන් මහත්තයට හොරෙන් එයාගෙ නෝට් පොතේ. පුරු-පුරු. . .හොඳට බලාගෙන ඉන්න ඕනෙ සාජන් මහත්තයා එනවද කියල, හරිද? ("හරි..ලොක්කා.....")මෙච්චර කල් මම සිංහල බ්ලොග් කියෙව්ව විතරයි. හැමෝම එක එක ජාතියෙ පෝස්ට් ලියනවා. පොලිටික්ස්, ටෙක්නිකල්, කවි, හැම දෙයක්ම. මට හිතුනා බ්ලොග් ගැන බ්ලොග් එකක් ලියන්න. බාහිර නිරීක්ෂකයෙක් විදියට.
එහෙනං ඉතිං වැඩි කතා නවත්තලා වැඩ පට්ටා....ං ගමු.
Subscribe to:
Posts (Atom)