Saturday, May 16, 2009

"වාමනයා" නොහොත් තමාවම ප්‍රමෝට් කර ගැනීම

කඩේට ගිය විට:
"..මුදලාලි මම අහවලා.. අර වාමනයා මෘදුකාංගය හැදුවේ...දන්නවද? ... මට සීනි කිලෝ එකක් දෙන්න...."

කෝල් එකක් ගැනීමේදී:
"..හෙලෝ... මම අහවලා.. අර වාමනයා මෘදුකාංගය හැදුවේ..දන්නව නේද?...මට අහවලාට කතා කරන්න පුලුවන්ද?.."

බස් රථයේදී:
"..ඔය දැං නැගපු කට්ටිය සල්ලි ගන්න...."
"..ආ..මම අහවලා.. අර වාමනයා මෘදුකාංගය හැදුවේ..දන්නව නේද?...මොරටුව එකයි...."

කමෙන්ට් දැමීමේදී:
"අයියලා දන්නවා ඇතිනේ මම කවුද කියලා... අර වාමනයා මෘදුකාංගය හදපු මල්ලි....මට මේ පෝස්ට් එක ගැන කියන්න තියෙන්නේ................"

මෙය "මඩ" නොවේ. වරදක් පෙන්වා දීමකි. ඒ වරද නැවත නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. හේ තවත් වරදක් කලේය. එනම් ගූග්ල් සමූහයක ගිය සංවාද ඒවායේ රචකයන්ගේ අවසරයකින් තොරව තම පෝස්ට් එකේ ‍කමෙන්ට් ලෙස ඔහු විසින්ම දමා ගැනීමයි. එය පෙන්වා දුන් පසු එම සියලු කමෙන්ට් ඉවත් කර තිබුනි. එහෙත් ඒවා නොකල යුතු වැඩය. කමෙන්ටයක් අදාල හා අයත් වන්නේ එය පලකල පෝස්ටයට පමණක් බව ඉගෙන ගැනීම හා වෙනත් තැනක කමෙන්ට් තම පෝස්ටයකට දමා ගැනීම වැරදි බව ඉගෙන ගැනීම තමාවම මාර්කට් කර ගැනීමට වඩා වැදගත්ය.

9 comments:

  1. ලංකාවේ මෘදුකාංග හදපු එකම එක්කෙනා ඔය වාමනයා නෙවෙයි නේද? අනික එයා ‍එකසිය ගානට ප්‍රමෝට් කරන 'මෘදුකාංගය' සැබෑ මෘදුකාංගයක් ළඟින් තියන්නවත් පුළුවන්ද? මෘදුකාංග හදපු වෙන කිසිම කෙනෙක් මේ වාගේ පිස්සු වැඩ කරල තියනවද? කරනවද? වෙන මොනවත් කියන්න ඕන නැහැ ඔය කියන මෘදුකාංගය ඉතා සරල, බොහෝ දෙනෙකුට කළ හැකි දෙයක් බව වාමන මල්ලි තේරුම් ගන්න. ඔයාගෙ අධි තක්සේරුව ඕනවට වැඩියි. එතකොට මංමුලාවෙන්න තියන ඉඩ වැඩි බවත් මතක තියාගන්න. වාමනයාගේ බ්ලොග් එක බැලුවොත් ඕනම කෙනෙකුට පේන දෙයක් තමයි, ඒකෙ අරමුණ තනිකරම තමන්වම ඉලිප්පීම. තමන්ගේ වැඩ ගැන ඕනවට වඩා කියන එකත් එක්තරා මානසික රෝගයක්.

    ReplyDelete
  2. bulls eye! right to the point! actually it is shocking to see that even educated segments of the society are suffering from this kind of psychological problems and even doesnt identify that their writings are embarrasing for everybody.

    ReplyDelete
  3. කතාව ඇත්තම ඇත්ත. තමංව ඔයතරමටම මාකට් කරන්න ඕනි නෑ. තමං හොද දෙයක් කලා නං නිකංම මාකට් වෙයි. හදිස්සි වෙන්න එපා.

    ReplyDelete
  4. මරු කතාව!එල කිරි සහ ජලය......

    ReplyDelete
  5. පොලීසියේදී
    තමුසෙලා දන්නව ඕයි මම කව්ද කියලා..අර වාමනයා මෘදුකාංගය හැදුවේ මමයි යකෝ.
    කෙල්ලන් ඉදිරියේදී
    නංගි දන්නවද අර ෆේමස් මෘදුකාංගය හැදුවේ මමනේ. නංගි මට කැමතිද?
    බස් රථයේදී
    මමයි අ‍ර වාමනයා හැදුවේ මට සීට් එකක් දෙන්නෙවත් නැද්ද කවුරුවත්.

    ReplyDelete
  6. කියන්න ඕන දේ කෙලින්ම කියලා තියෙනවා. මානවයා කියන්නේ ප්‍රයෝජනවත් මෘදුකාංගයක් වෙන්න පුළුවන්.

    "අයියලා දන්නවා ඇතිනේ මම කවුද කියලා... අර වාමනයා මෘදුකාංගය හදපු මල්ලි"
    හෑල්ල දැකලා දැකලාම එපා වෙලා. අර පහුගිය දවස්වල රජ FM එකේ ගියපු ඇඩ් ටික වගේ. බස‍්‍ එකේ යනවා නං අහන් ඉන්න සිද්ද වෙනවා වගේ බ්ලොග් බලනව නම් මෙයාගේ පම්පෝරියටත් බල බල ඉන්න වෙනවා.

    ReplyDelete
  7. ඔව් ඔව් මමත් ඕක කියන්න හිටියෙ...

    හැබැයි මේ වගේ නෙමෙයි. ප්‍රයිවෙට් එකේ :D

    කොහොම හරි වෙන්න ඕනෙ දේ වෙලා තියෙනවා.

    එළකිරි පූසා..!

    ReplyDelete
  8. මෙතන පිස්සෝ කීප දෙනෙක් ඉන්නවා හැබැයි ඒ පිස්සෝ මේ වගේ ලියන්න දෙයක් නැතුවට අනුන් ගැන ලියන අය නෙමෙයි හැබැයි උබ, උබ ගැන කියලා ඉස්සල්ලාම් ආරම්බක ලිපියෙන් කියලා තියෙන්නේ කාගේවත් කුණු ගොඩක් ගැන එළ ඔහොම දිගටම ලියාගෙන පලයන්(මොනවා උනත් උබ ඇත්ත කියලා තියෙන්නේ )හැබැයි @3$$$$%%##$^&^&&&**&

    ReplyDelete
  9. hatred and Jelousy at its best as i see

    ReplyDelete